ශ්‍රි ලංකාවට ලෝක බැංකුවේ පූර්ණ සහාය

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය පූර්ණ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා පවසයි. 

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමඟ අද (15) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදී ඔහු මෙම අදහස් පළකර තිබේ.

මෙරට සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ ඔහු එහිදී ශ්‍රී ලංකාවේ කැපවීම පැසසීමට ලක්කර තිබේ.

ඉන්දියාවේ ක්‍රියාත්මක සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන් පිළිබඳ අත්දැකීම් විස්තර කළ අයියර් නව සුබ සාධන ක්‍රියාවලිය පිළිබඳ සිය ප්‍රසාදය එක් කළේය.

Werzuo Digital

Leave a Reply