රුසියානු සංචාරකයාගේ මිලියන ගණන් මුදල් සොරකම් කරලා

උණ­ව­ටුන එර­බු­දු­ගහ හන්දියේ පිහිටි නවා­තැන් පොළක සිටි රුසියානු ජාති­ක­ය­කුගේ කාමරය කඩා රුපි­යල් ලක්ෂ 59කට අධික වටි­නා­ක­මක් ඇති මුදල් සොරා ගැනී­මක් සම්බ­න්ධ­යෙන් හබ­රා­දූව පොලිසිය විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

පෙරේදා (27) රාත්‍රී කාලයේ මේ රුසි­යා­නු සංචාරකයා සහ ඔහුගේ බිරිය නවා­තැන් පොළේ රැඳී නොසිටි අව­ස්ථා­ව­ක­දී මේ සොර­කම සිදුව ඇත.

ඔහු පොලිසි­යට පැමි­ණිලි කර­මින් පවසා ඇත්තේ නවා­තැන් පොළේ දොර කඩා ඇතුළු වී කාම­රයේ අල්මා­රියේ දමා තිබුණු රුපි­යල් 140,000ක් අමෙ­රි­කානු ඩොලර් 17,000ක් සහ සුදු රත්ත­රන් මාල­යක් සොරා­ගෙන ගොස් ඇති බවයි.

ආර­ක්ෂක කැමරා දර්ශ­න ද පරීක්ෂා කර­මින් මේ සොර­කම ගැන හබරාදුව පොලිසිය විම­ර්ශන පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply