සුනාමි අනතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ජංගම දුරකථන සඳහා නාද රටාවක් (Ringtone) හඳුන්වා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.
මෙරට ජනගහනයෙන් සියයට 99.9කටම ජංගම දුරකථනයක් පවතින බැවින්,ජංගම දුරකථනයේ නාද රටාවක් හරහා සුනාමි අනතුර පිළිබඳව මෙහිදී දැනුවත් කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ පැවසීය.
දුරකථන සමාගම් එක්ව මෙම කටයුත්ත සිදු කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
අලුයම 1.00 ත් 4.00 ත් අතර කාලයේදී බහුතරයක් නිදාගෙන සිටින කාලය බැවින්, එම කාලයේදී සුනාමි අනතුරක් පිළිබඳව තොරතුරක් ලැබුණහොත් සියලුම ජංගම දුරකථන නාද කිරීමේ ක්‍රමවේදයක් සකස් කෙරෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
මෙරට මුහුදුබඩ ප්‍රදේශයන්හි ස්ථාපිත කොට ඇති සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා කුලුනු සක්‍රිය තත්ත්වයේ නොතිබුණහොත් ඉදිරියේ අනතුරුදායක තත්ත්වයක් උද්ගත විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පසුගියදා පැවසීය.