ඩෙංගු යලි හිස ඔසවයි – රෝගීන්ගෙන් 25%ක් පාසල් දරුවන්

ඩෙංගු රෝගීන්ගෙන් සියයට විසිපහක් පාසල් දරුවන් බවට හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග මේ වසරේ මේ දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් පහළොස් දෙනකු මියගොස් ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි ඊයේ (26) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය

එමෙන්ම ගතවූ මාස හතර තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් විසිඅට දහස් හාරසිය හතළිස් හතරදෙනකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

පවතින අධික උෂ්ණත්වය මෙන්ම වරින්වර වර්ෂාව ඇද හැලීමත් සමග ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය සිදුවන බවත් මෙම තත්ත්වය මත දිවයින පුරා ඩෙංගු අධි වසංගත කලාප හතළිස් දෙකක් නම්කර ඇත.

Werzuo Digital

Leave a Reply