ගාල්ලේ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 445 සිට 244 දක්වා අඩුවේ

පළාත් පාලන ආයතන කොට්ඨාස සිමා නිරණය කිරි‍මේ කෙටුම්පත් වාරතාව අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20 සභික සංඛ්‍යාව 445 සිට 244 දක්වා අඩුවනු ඇත.

සමහර පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව සියයට පණහකින්ද සමහර ආයතනවල සභික සංඛ්‍යාව සියයට පණහට ආසන්න සංඛ්‍යාවකින්ද අඩු කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ මහ නගර සභාවක්ද නගර සභා දෙකක්ද ප්‍රාදේශිය සභා 17ක්ද වෙයි.

සිමා නිර්ණය කොමිසම ගාල්ල මහ නගර සභාවේ තිබු බහු ආසන දෙක අහෝසිකර කේවල කොට්ඨාස 12කට සිමාකර ඇත. ඒ අනුව කේවල කොට්ඨාස ක්‍රමයට ‍තෝරා ගන්නා සභික සංඛ්‍යාව 12ක් ද සමානුපාතික ක්‍රමයට තෝරා ගනු ලබන සභිකයින් 08ක් සමග ගාල්ල නගර සභාවේ සභික සංඛ්‍යාව 20ක් වනු ඇත.

අම්බලන්ගොඩ නගර සභාවේ සිටි සභික සංඛ්‍යාව 20 කි. සීමා නිර්ණය කොමිසමේ නිරදේශ අනුව කේවල කොට්ඨාස ක්‍රමයට තෝරා ගනු ලබන සභික සංඛ්‍යාව 06ක් වනු ඇත. සමානුපාතික ක්‍රමයට පත් කරනු ලබන සභිකයින් සංඛ්‍යාව 04කි. ඒ අනුව  අම්බලන්ගොඩ නගර සභාවේ සභික සංඛ්‍යාව 20 සිට 10 දක්වා අඩුවනු ඇත. 

හික්කඩුව නගර සභාවේ සිටි සභික සංඛ්‍යාව18කි. සිමා නිරණය කොමිසමේ නිරදේශ අනුව කේවල කොට්ඨාස ක්‍රමයට සභිකයින් 06ක් තෝරා පත් කර ගැනිමට නියමිත අතර සමානුපාතික ක්‍රමයට පත් කරනු ලබන සභිකයින් සංඛ්‍යාව 04කි .ඒ අනුව හික්කඩුව නගර සභාවට පත් කර ගැනිමට නියමිත සභික සංඛ්‍යාව 10ක් වනු ඇත.

සිමා නිරණය කොමිසමේ නිර්දේශ අනුව බලපිටිය ප්‍රාදේශිය සභාවේ සිටි 31ක්වු සභික සංඛ්‍යාව 16 දක්වා අඩුකර ඇත. එම සංඛ්‍යාවෙන් 10ක් කේවල කොට්ඨාස ක්‍රමයටද 06ක් සමානුපාතික ක්‍රමයටද පත්කර ගැනිමට නියමිතය.

අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සිටි 20ක්වු සභික සංඛ්‍යාව 13දක්වා අඩුකර ඇත. එම සංඛ්‍යාවෙන් කේවල කොට්ඨාස  ක්‍රමයට සභිකයින් 08ක්ද සමානුපාතික ක්‍රමයට සභිකයින් 05ක්ද වශයෙන් සභිකයින්13 පත්වනු ඇත.

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාවේ සිටි 15 ක්වු සභික සංඛ්‍යාව 08 දක්වා අඩුකර ඇත. එම සංඛ්‍යාවෙන් 05ක් කේවල කොට්ඨස ක්‍රමයටද 03ක් සමානුපාතික ක්‍රමයටද පත් කර ගැනිමට නියමිතය.

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සිටි 20ක්වු සභික සංඛ්‍යාව 13ක් දක්වා අඩුකර ඇති අතර එම සංඛ්‍යාවෙන් 08ක් කේවල කොට්ඨාස ක්‍රමයටද 05ක් සමානුපාතික ක්‍රමයටද පත් කර ගැනිමට නියමිතය.

බෙන්තොට ප්‍රාදේශිය සභාවේ සිටි සභික සංඛ්‍යාව 21 කි. එම සංඛ්‍යාව 11 දක්වා අඩු කිරිමට නිරදේශ කර ඇති අතර එයින් 07ක්  කේවල කොට්ඨාස ක්‍රමයටද 04ක් සමානුපාත ක්‍රමයටද තෝරා පත් කර ගැනිමට නියමිතය.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ සිටි සභික සංඛ්‍යාව 27 කි. එම සංඛ්‍යාව 15දක්වා අඩුකර ඇත. එම සංඛ්‍යාවෙන් 09ක් කේවල කොට්ඨාස ක්‍රමයට යටතේද 06ක් සමානුපාතික ක්‍රමය යටතේද පත් කර ගැනිමට නියමිතය..

නෙළුව ප්‍රාදේශිය සභාවේ සිටි සභික සංඛ්‍යාව 16කි. සිමා නිරණය කොමිසම නිර්දේශ අනුව කේවල කොට්ඨාස ක්‍රමය යටතේ තෝරා ගන්නා ගනු ලබන සභික සංඛ්‍යාව 05කි. සමානුපාතික ක්‍රමයට තෝරා පත් කර ගනු ලබන සංඛ්‍යාව 03කි. ඒ අනුව නෙළුව ප්‍රාදේශිය සභාවේ සභික සංඛ්‍යාව 08ක් වනු ඇත.

තවලම ප්‍රාදේශිය සභාවේද සභිකයින් 16ක් සිටි අතර එම සංඛ්‍යාවද 08 දක්වා අඩුවනු ඇත. කොමිසමේ නිර්දේශන අනුව කේවල කොට්ඨාස ක්‍රමය යටතේ සභිකයින් 05ක් තෝරා පත් කර ගැනිමට නියමිත අතර සමානුපාතික ක්‍රමය යටතේ පත් කර ගැනිමට නියමිත සභික සංඛ්‍යාව 03කි.

නාගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභික සංඛ්‍යාව 25කි. කොමිසමේ නිර්දේශ අනුව කේවල කොට්ඨාස ක්‍රමය යටතේ සභිකයින් 08ක් තෝරා පත් කර ගැනිමට නියමිතය.  සමානුපාතික ක්‍රමය යටතේ තෝරා ගැනිමට නියමිත සභිකයින් සංඛ්‍යාව 05කි ඒ අනුව නාගොඩ ප්‍රාදේශිය සභාවේ සභික සංඛ්‍යාව 13ක් වනු ඇත.

නියාගම ප්‍රාදේශිය සභාවේ සිටි සභික සංඛ්‍යාව 16කි. කොමිසමේ නිර්දේශ අනුව කේවල කොට්ඨාස ක්‍රමයට තෝරා පත් කර ගැනිමට නියමිත සභික සංඛ්‍යාව 05කි. සමානුපාතික ක්‍රමයට තෝරා පත් කර ගනු ලබන සභික සංඛ්‍යාව 03කි. ඒ අනුව නියාගම ප්‍රාදේශිය සභාවේ සභික සංඛ්‍යාව 08ක් වනු ඇත.

බද්දේගම ප්‍රාදේශිය සභාවේ සිටි සභික සංඛ්‍යාව 31කි. කොමි‍සමේ නිර්දේශ අනුව කේවල කොට්ඨාස ක්‍රමයට තෝරා පත් කර ගැනිමට නියමිත සභික සංඛ්‍යාව 11කි. සමානුපාතික ක්‍රමයට පත් කර ගැනිමට නියමිත සභික සංඛ්‍යාව 07ක් වන අතර ඒ අනුව බද්දේගම ප්‍රාදේශිය සභාවේ 31ක්වු සභික සංඛ්‍යාව 18ක් වනු ඇත.

යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ සිටි සභික සංඛ්‍යාව 20. කේවල කොට්ඨාස ක්‍රමය යටතේ 06ක් පත් කර ගැනිමට නියමිත අතර සමානුපාතික ක්‍රමයට පත් කර ගැනිමට නියමිත සභික සංඛ්‍යාව 04ක් වනු ඇත. ඒ අනුව යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ 20ක්වු සභික සංඛ්‍යාව 10ක් වනු ඇත.

රත්ගම ප්‍රාදේශිය සභාවේ සිටි සභික සංඛ්‍යාව 27කි. කොමිසමේ නිරදේශ අනුව කේවල කොට්ඨාස ක්‍රමයට සභිකයින් 09ක් පත් කර ගැනිමට නියමිතය. සමානුපාතික ක්‍රමයට පත් කර ගැනිමට නියමිත සංඛ්‍යාව 06කි ඒ අනුව සභිකයින් 27ක්වු රත්ගම ප්‍රාදේශිය සභාවෙි සභික සංඛ්‍යාව 15ක් වනු ඇත.

අක්මිමණ ප්‍රාදේශිය සභාවේ සිටි සභික සංඛ්‍යාව 26කි. කොමිසමේ නිර්දේශ අනුව කේවල ක‍ොට්ඨාස ක්‍රමයට පත් කර ගත යුතු සභික සංඛ්‍යාව 10ක් වන අතර සමානුපාතික ක්‍රමයට පත් කර ගැනිමට නියමිත සභිකයින් 06ත් සමග සභිකයින් 26ක් සිටි අක්මිමණ ප්‍රාදේශිය සභාවේ සභික සංඛ්‍යාව 16ක් වනු ඇත.

බෝපෙ පෝද්දල ප්‍රාදේශිය සභාවේ සිටි සභික සංඛ්‍යාව 20කි. කොමිසමේ නිර්දේශ අනුව කේවල කොට්ඨාස ක්‍ර්‍රමයට තෝරා පත්කර ගත යුතු සභික සංඛ්‍යාව 07කි. සමානුපාති ක්‍රමය යටතේ පත් කර ගැනිමට නියමිත සභික සංඛ්‍යාව 4කි ඒ අනුව බෝපෙ පෝද්දල ප්‍රාදේශිය සභාවේ සභික සංඛ්‍යාව 11ක් වනු ඇත.

ඉමදුව ප්‍රාදේශිය සභාවේ සිටි සභික සංඛ්‍යාව 16කි. කේවල කොට්ඨාස ක්‍රමයට පත්කර ගත යුතු සභික සංඛ්‍යාව 05ක් වන අතර සමානුපාතික ක්‍රමයට පත්කර ගත යුතු සභික සංඛ්‍යාව 03කි. ඒ අනුව ඉමදුව ප්‍රාදේශිය සභාවේ සභික සංඛ්‍යාව 08ක් වනු ඇත.

හබරාදුව ප්‍රාදේශිය සභාවේ සිටි සභික සංඛ්‍යාව 25 කි. කොමිසමේ නිරදේශ අනුව කේවල කොට්ඨාස ක්‍රමයට පත්කර ගත යුතු සභික සංඛ්‍යාව 08කි.සමානුපාතික ක්‍රමයට පත්කර ගැනිමට නියමිත සභික සංඛ්‍යාව 05කි. ඒ අනුව හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභික සංඛ්‍යාව 13ක් වනු ඇත.

Werzuo Digital

Leave a Reply