එකම WhatsApp ගිණුමකට උපරිම දුරකතන 4කින් Log වීමේ පහසුකම

එකම WhatsApp ගිණුමකට උපරිම දුරකතන 4කින් ලොග් වීමේ පහසුකම අද (25) සිට හදුන්වා දී තිබෙන බව META සමාගමේ නිර්මාතෘ මාර්ක් සකබර්ග් පවසයි.

එය ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිතිපතා ස්මාර්ට් ෆෝන් කිහිපයක් භාවිතා කරන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වන අයුරින් මෙම යාවත්කාලීන කිරීම සිදුකර තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

මෙය පරිශීලකයින් බොහෝ පිරිසකගේ ඉල්ලීමක් මත සිදු කළ බවයි Meta සමාගම සඳහන් කර ඇත.

ඉදිරියේ දී මෙම නවමු අත්දැකීම විඳගැනීමට සුදානමින් සිටින ලෙසයි අදාළ සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇත.

Werzuo Digital

Leave a Reply