අක්මීමන මනුෂ්‍ය ඝාතනයක්

අක්මීමන පින්නදුව ප්‍රදේශයේ ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් අද (25) සවස සොයා ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පින්නදුව පදිංචි 53 හැවිරිදි කාන්තාවකි

මෙම කාන්තාව අද සිය නිවස අසල ඉඩමට තේ දළු නෙලිම සදහා ගොස් ඇති අතර ඇය නිවසට නොපැමිණීම හේතුවෙන් සැමියා විසින් ගොස් බැලිමෙදී ඉඩමේ වැටි සිටිනු දැක ඒ බව අක්මීමන පොලිසියට දැනුම් දී තිබේ.

ඒ අනුව පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කර බැලිමේදි තියුණු ආයුධයකින් ඇයගේ ගෙල කපා ඝාතනය කර ඇති බව අනාවරණය වි තිබේ.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට (26) පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply