මාතර නූපේ රේල් ගේට්ටුව සහ පඹුරන දුම්රිය ස්ථානය අතරදී ඊයේ (25) සවස දුම්රියක ගැටී පාසල් දැරියක මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් බවද පොලිසිය පවසයි.
මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටීමෙන් මෙලෙස එම සිසුවිය මිය ගොස් ඇත
මියගිය පාසල් සිසුවිය තවත් මිතුරියන් තිදෙනෙකු සමග සාදයකට ගොස් පා ගමනින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇති බව විමර්ශනවලිදී අනාවරණය වී තිබේ.
මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.