අකුරල මුහුදේ දිය නෑමට ගිය සිසුවෙකු අතුරුදහන්

අම්බලන්ගොඩ අකුරළ වෙරළ තීරයේ අද (13) පස්වරුවේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

මෙසේ අතුරුදහන්වී ඇත්තේ මීටියාගොඩ පදිංචි අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකු බව පොලිසිය පවසයි.

සිසුන් තිදෙනකු පැමිණ දිය නාමින් සිටියදි තිදෙනාම රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර ඉන් සිසුන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් මුහුදට පැන බේරාගෙන ඇති බවද පොලීසිය පවසයි.

අතුරුදන් සිසුවා සොයා සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

බේරාගත් සිසුන් දෙදෙනා ප්‍රතිකාර සදහා බළපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන් දෙදෙනාගේ තත්වයද බරපතල බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply