කැනඩාවේ වැන්කුවර් වෙරළ තීරයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.2 ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
Port McNeill ප්‍රදේශයට කිලෝමීටර් 211 නිරිත දෙසින් වූ මුහුදේ මෙම භූ චලනය හටගෙන තිබෙන අතර එය පොළොවේ සිට කිලෝමීටර් 11 ක ගැඹුරින් සිදුව තිබේ.
මෙම භූ චලනය කැනඩාවේ නිරිතදිග වෙරල තීරයේ ප්‍රදේශ කිහිපයකට ද දැනී තිබේ.
කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැති බව ඇමරිකානු ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේය.
කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් සිදු වූ හානි පිළිබඳව තවමත් කිසිදු වාර්තාවක් ලැබී නොමැත.