පුද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් මාස 06ක් වයසැති බිළිඳෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.
ඊයෙ (12) සවස මහව අටවරල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවී තිබේ.
බිළිඳාගේ මව, තවත් කාන්තාවක් සහ එක් පුද්ගලයෙකු අනතුරෙන් බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහල්ට ඇතුළත් කර තිබේ.
කුරුණෑගල සිට මහව බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ මහව සිට දළදාගම දෙසට යමින් තිබූ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.