මන්නාරම මුලන්කාවී ප්‍රදේශයේ පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් ඊයේ (13) රාත්‍රියේ සිදුකල වෙඩිතැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි අයෙකු බවද පොලිසිය පවසයි.
ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් එම රථයට නවත්වන ලෙසට සංඥා කළද එය නොනවත්වා ධාවනය කර ඇත.
පසුව පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් එක් අයෙකු තුවාළ ලබා ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.