රාජසන්තක කල බීඩි කොළ කිලෝග්‍රෑම් 5650ක් ගිනි තබා විනාශ කරයි

රජයට තිරු බදු නොගෙවා නිති විරෝධි ලෙස මෙරටට ගෙන එමින් තිබියදි නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රාජසන්තක කරන ලද රුපියල් ලක්ෂ පන්සියක පමණ වටිනාකමකින් යුත් කිලෝ 5650ක බිඩි කොල තොගයක් රත්ගම මොන්රෝවියාවත්තේ කසළ අංගණයේදි ඉකුත් (07) සවස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේදි ගිනි තබා විනාශ කරන ලදි.

පසුගිය 2021 වසරේ නොවැම්බර් 07 වනදින මෙම බිඩි කොල තොගය මෙරටට ගෙන එමින් තිබියදි නාවික හමුදා විසින් මුහුදු සැතපුම් 66ක් දුරදි සැකකරුවන් අට දෙනෙකු සමග අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරාය පොලිසියට බාරදි තිබින.

ඒ අනුව වරාය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බිඩි කොල තොගය රාජසන්තක කිරිමෙන් පසු මෙසේ ගිනි තබා විනාශ කරන ලදි.

Werzuo Digital

Leave a Reply