ජර්මනියේ Hamburg නුවර නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් 30 දෙනෙකුට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජර්මනියේ ආගමික නිකායකට අයත් පල්ලියක් ආශ්‍රිතව මෙම වෙඩිප්‍රහාරය සිදුව ඇත
ආරක්ෂක අංශ විසින් එල්ලකළ වෙඩි ප්‍රරහාරයකින් සැකකරු ද මියගොස් ඇති බවට සැකපළකරන බව ජර්මන් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රියේ 9.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් එම ස්ථානයේ සිට තුවාලකරුවන් රැසක් රෝහල්ගතකර ඇති බවත් තුවාලකරුවන්ගේ සංඛ්‍යාව වැඩි විය හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේය.
