නිදහස් උත්සවය පුහුණුවීම් කටයුතු සඳහා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් රැගත් බස්රථ 3 ක් අද (02) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් 9 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි
අද (02) අලුයම ගාල්ල -කොළඹ ප්රධාන මාර්ගයේ නල්ලුරුව ප්රදේශයේ දී එම අනතුර සිදුව ඇති තුවාල ලැබුවන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි.
