නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි ඉකුත් ජනවාරි 20 දින සිදු වු මාරක රිය අනතුරේ බන්ධනාගාර ගත කර සිටි බස් රථයේ රියදුරු රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප තුනක් මත මුදා හැරිමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ හොරණ පදිංචි 62 හැවිරිදි අයෙකි.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක් සදහා රැගෙනවිත් ආපසු කොළඹ දක්වා බස් රථය ධාවනය කරන අවස්ථාවේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ විරුද්ධ දෙසින් ඉදිරියට ධාවනය වු වැන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටිමෙන් වැන් රථයේ ගමන් ගත් එකම පවුලේ පස්දෙනෙකු, වැන් රථයේ රියදුරා සහ ත්‍රිරෝද රථයේ රියදුරා ජිවිතක්ෂයට පත් වි බස් රථයේ සිටි පාසල් ළමුන් 41 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු තුවාල ලැබිය
යලිත් එම නඩුව මාර්තු 02 දින කැදවිමට නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත