ගාල්ල සහ මාකුඹුර අධිවේගී බස් සඳහා පෙරගෙවුම් කාඩ් පතක්

ගාල්ල සහ මාකුඹුර අතර ධාවනය කරන අධිවේගී මාර්ග බස් රථවල ගමන් කිරීමට අද (02) සිට පෙරගෙවුම් කාඩ්පත් නිකුත් කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර අනතුරුව එය දිවයින පුරා භාවිත කළ හැකි පරිදි ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

මහජන බැංකුවෙන් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් එම කාඩ්පත් මිල දී ගත හැකි බවත් එම කාඩ් නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු සමග ඊයේ (01) ගිවිසුම්වලට එළැඹි බවත් රාජ්‍ය බැංකු හරහා මෙම පෙරගෙවුම් කාඩ්පත මහජනතාවට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

පළමු අදියර ලෙස අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ සඳහා මේ ක්‍රමවේදය හඳුන්වා දෙන අතර පසුව දුම්රිය සේවයටත් භාවිත කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Werzuo Digital

Leave a Reply