දින දෙකක් බාර් වැසේ

75 වන නිදහස් සමරු උළෙල සහ පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා මත්පැන් හල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නිදහස් දිනය යෙදෙන අනිද්දා (04) සහ පෙබරවාරි මස 05 වනදාට යෙදෙන පුර පසළොස්වක පොහොය හේතුවෙන් දිවයින පුරා සියලුම මත්පැන් හල් වසා තැබෙනු ඇති.

සිකුරාදා (03) මත්පැන් හල් වැසිය යුතු වේලාවට එම වෙළෙඳසැල් වසා දැමීමෙන් අනතුරුව නැවත ඒවා විවෘත කළ යුත්තේ පෙබරවාරි මස 06 වන සඳුදා දින මත්පැන් හල් විවෘත කළයුතු වේලාවට බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Werzuo Digital

Leave a Reply