අනුරාධපුර නුවර වැවට මායිම්ව පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයකට රාත්‍රී කාලයේ ඇතුළු වී එහි ගබඩා කර තිබූ ඩීසල් ලීටර 165ක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
රුපියල් 67,000 පමණ වටිනා ඩීසල් තොගයක් සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවට එහි සාමාන්‍යාධිකාරී වරයා විසින් සිදු කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.
