සිවුරු දෙකක් හොරකම් කල සැකකරුවෙකු රිමාන්ඩ්

ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ගේ කාමරයට ඇතුලුවි රුපියල් හය දහසක් පමණ වටිනා සිවුරු දෙකක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු 10 වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය ඊයේ (07) නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ ගාල්ල වැකුණගොඩ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

විහාරාධිපති හිමියන් වඳුරඹ ප්‍රදේශයේ අවමංගල උත්සවයකට වැඩම කර සිටියදි සැකකරු උන්වහන්සේගේ කාමරයට ඇතුලුවි සිවුරු දෙක සොරකම් කරගෙන යාමට උත්සාහ කල අවස්ථාවේ එහි සිටි පිරිස විසින් අල්ලාගෙන පොලිසියට බාරදි ඇත.

Leave a Reply