සෙනගාලයේ මාරක රිය අනතුරක් : දින තුනක ශෝක කාලයක්

සෙනගාලයේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද (08) සිදුවූ මාරක රිය අනතුරකින් 40 දෙනෙකු මියගොස් 87 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

සෙනගාලයේ ඩකාර් අගනුවරට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 220ක් පමණ දුරින් පිහිටි කෆ්‍රීන් නගරය අසලදී එක් මගී බස් රථයක ටයරයක් පිපිරී යාමෙන් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් බස් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බටහිර අප්‍රිකානු රටක මෑත කාලයේදී සිදුවූ බිහිසුණුම රිය අනතුර මෙය බව විදෙස් මාධ්‍ය වාර්ත කළේය.

මෙම අනතුර හේතුවෙන් සඳුදා සිට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කළ බව එරට ජනාධිපති මැකී සෝල් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Werzuo Digital

Leave a Reply