ජෙලි ෆිෂ් ධීවරයෙකුට මරු කැඳවයි

යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයකු ඉස්සන් අල්ලමින් සිටියදී “ජෙලි ෆිෂ්” මාළුවකුගේ විස ශරීරගත වීමෙන් පසුගියදා (07) මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය කුරුනගර් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි.

මියගිය ධීවරයාගේ මළ සිරුර සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විෂද්‍රව්‍යයක් ශරීර ගත වීම නිසා මෙම මරණය සිදු වූ බව සනාථ කොට තිබේ.

“ජෙලි ෆිෂ්” වර්ගයේ මසුන් ධීවරයන්ගේ සම හා ස්පර්ශ වූ විට මත්ස්‍යයාගෙන් නිකුත් වන තද බල විස රසායන ද්‍රව්‍යයක් නිසා මෙසේ මිය යන අතර පසුගිය වසර දෙක ඇතුළතදී උතුරේ ධීවරයන්  හතර දෙනකුම “ජෙලි ෆිෂ්” ප්‍රහාරවලට ලක් වී මිය ගොස් ඇත.  

Werzuo Digital

Leave a Reply