බුද්ධිමත් තරුණියගේ සෙල්ෆි ඡායාරූපයෙන් මාල හොරුන් අත්අඩංගුවට

කහතුඩුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් හරහා ගමන් කරමින් සිටි තරුණියකට තියුණු ආයුධයක් පෙන්වා බියගන්වා ගෙල බැඳි රන් මාලයක් කොල්ල කන අවස්ථාවේදී තරුණිය ලබා ගත් සෙල්ෆි ඡායාරූපයක ආධාරයෙන් මාල කොල්ලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කහතුඩුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි.

ස්කූටි යතුරුපැදියෙන් පැමිණි සැකකරුවන් දෙදෙනා කහතුඩුව නිවාස සංකීර්ණයේ මාර්ගයක ගමන් ගත් තරුණියක් නවතා ඇයගේ ගෙලට උල් පිහියක් තබා මරණීය තර්ජනය කොට රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් කොල්ල කා පළාගොස් තිබුණි.

පසුව තරුණිය විසින් එම අවස්ථාව සිය ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබේ. ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ

Werzuo Digital

Leave a Reply