ඉමදුවෙන් ශ්‍රි පාද වන්දනාවට ගිය අයෙකු ජිවිතක්ෂයට

ගාල්ල ඉමදුව ප්‍රදේශයේ සිට ශ්‍රී පාදස්ථානය වන්දනාවට පැමිණි 96 හැවිරිදි පුද්ගලයෙකු ශ්‍රී පාද මළුවේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇති පුද්ගලයා ඊයේ (07) ශ්‍රී පාද මළුව වෙත පැමිණ ඇති අතර දානමය පිංකමක් සඳහා අද (08) දක්වා මළුවේ රැඳී සිට තිබේ.

මියගිය පුද්ගලයාගේ සිරුර මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත රැගෙනගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Werzuo Digital

Leave a Reply