මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුවට මුහුණ දිමට තමිල්නාඩුව සීරුවෙන්

හෙට (09) රාත්‍රියේ නිරිතදිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩුවේ පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කර ඉන්දීය ගොඩබිමට ඇතුළු විය හැකි බවට පුරෝකතනය කර ඇති මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුවට මුහුණ දීම සඳහා තමිල්නාඩු සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මෙම තද සුළං තත්ත්වයත් සමග ඇතිවිය හැකි අධික වර්ෂාවට මුහුණ දීම සඳහා තමිල්නාඩු රජය උපරිම පියවර ගැන ඇති බව එම වාර්තා සඳහන් කළේ ය

ආපදාවට පත් වූවන් බේරා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, එරට ආරක්ෂක අංශ ඇතුළු සියලුම සහන සේවා කණ්ඩායම් හෙලිකොප්ටර, ගුවන් යානා, නෞකා සහිතව සූදානම් කර ඇති බවත් රෝහල් වලට අමතරව ජංගම රෝහල් සහ ගිලන් රථ සේවාවන් ද සූදානම් කර ඇති බව එහි සඳහන්ය

ඒ අනුව සුළි කුණාටුව ගොඩබිමට පැමිණෙන විට සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ආරක්ෂිත පියවරක් ලෙස ගස් කපන්නන් 272 දෙනෙකු, ඒ සදහා අවශ්‍ය උපකරණ සහිත ජංගම කණ්ඩායම්, බුල්ඩෝසර් 45 ක් සහ ටිපර් රථ 115 ක් ආපදාවට පත් වන ප්‍රදේශ සඳහා පිටත් කර යැවීමට සූදානම් කර ඇත.

ජලය පොම්ප කිරීම සඳහා අධි බලැති මෝටර් පොම්ප 805 ක් සූදානම් කර ඇති අතර සහන මධ්‍යස්ථාන 169ක් පිහිටුවා ඇත.

ඒ අනුව තමිල්නාඩු ප්‍රාන්තයේ වෙරලබඩ සහ සුළි කුණාටු අවදානමට ලක් විය හැකි දිස්ත්‍රික්ක 24ක සියලුම පාසල් උසස් අධ්‍යාපන ආයතනවලට නිවාඩු ලබා දී තිබේ.

තමිල්නාඩුවේ විශාලතම වෙරළ තීරය ලෙස සැලකෙන මෙරීනා beach වෙරළ තීරයෙන් ජනතාව ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

සුළි කුණාටුවේ බලපෑමකට ලක් විය හැකි ප්‍රදේශවල පූර්ව සුළි කුණාටු අනතුරු ඇඟවීමේ සයිරන් නලා හඬද නාද කර තිබේ.

පෙර පුවත සදහා

Werzuo Digital

Leave a Reply