සුපිරි පාපන්දු ක්‍රිඩක පේලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

ස්වසන පද්ධතියේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් හදිසියේ රෝහල් ගත කළ බ්‍රසීල පාපන්දු සුපිරි ක්‍රිඩක පේලේගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලේ 82 හැවිරිදි පේලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

එදා මෙදා තුර ලොව බිහිවු දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස බ්‍රසීලයේ පේලේ සැලකෙයි.

1958, 1962 සහ 1970 වසරවල පැවැති පාපන්දු ලෝක කුසලාන බ්‍රසීලයට දිනා දිමේ පුරෝගාමියා ලෙස පේලේ සැලකෙයි.

Leave a Reply