රියැදුරුගේ දක්ෂකම නිසා මගී ජිවිත 40ක් බේරෙයි

ස්ප්‍රීංවැලි මේමලේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස්රථයක් අද (3) පෙරවරුවේ ඉබුල්ගොඩ දුම්බිලියාව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන සිදුවිමට ගිය මාරක අනතුරක් වලක්වා ගැනීමට බස් රථ රියදුරු සමත් ව ඇති බව වාර්තාවේ.

අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමට ගිය අවස්ථාවේ එම අනතුර වළක්වා ගැනීමට එහි රියදුරුගේ දක්ෂතාව මත බස්රථය නවතා ගැනීම නිසා මගීන් 40කගේ ජීවිත බේරුණු බව පොලිසිය පවසයි .

බස්රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් නිසාවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකකරන අතර බස්රථය ප්‍රපාතයට පෙරලී ගියේ නම් පහළ නිවාස කීපයක් මතට වැටී විශාල අනතුරක් සිදු වීමට ඉඩ කඩ තිබු බව පොලිසිය පවසයි

Werzuo Digital

Leave a Reply