ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් පනස් පන් ලක්ෂ තිස් එක් දහසක් (5531000) වංචාකරන ලද සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව පදිංචි පුද්ගලයෙකි.
සැකකරු ගාල්ල සහ අවට කිහිපදෙනෙකුට ඉතාලියේ රැකියා ලබාදිය හැකි බව පවසා බිරිඳගේ ගිණුමට මුදල් බැර කරවාගෙන මෙම වංචාව කර ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.
මුදල් ලබා ගත්තත් ඉතාලියට යැවිම සිදු නොකර දිගින් දිගටම මග හරින්නට විම නිසා ඔවුන් පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව සැකකරු මාරවිලදි සැඟව සිටියදි අත් අඩංගුවට ගෙන ඇත.
පරික්ෂණවලදි අණාවරණය වි ඇත්තේ සැකකරුට ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට අමතරව ඇල්පිටිය, දඹුල්ල යන මහේස්ත්රාත් අධිකරණවලද නඩු පවතින බවය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.