කරාපිටිය පිළිකා වාට්ටුවේ ගින්න හොයන්න රස පරික්ෂක එයි

කරාපිටිය රෝහලේ විකිරණ අංශයේ ඇතිවු ගින්න සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා රජයේ රස පරික්ෂකවරයා සෙනසුරාදා (12) පිළිකා වාට්ටුවට පැමිණ තිබේ

ඉකුත් 10 වන දින සවස ඇතිවු ගින්නෙන් එහි තිබු පුටු 05ක් අල්මාරි 03ක් මේස 04ක් ස්කැන් යන්ත්‍රයක්, ලැප්ටොප් පරිගණක 03ක් ඩී.වී.ඩී.යන්ත්‍රයක්, රෝගින් පරික්ෂාකරණ ඇඳක්, බිත්ති ඔරලෝසුවක්, කබඩ් 02ක්, ප්ලාසිටික් පුටු 11ක් වායු සමිකරණ 02ක් නැමෝ ග්‍රෑම් පරික්ෂණ යන්ත්‍රයක් ඇතුලු උපකරණ රැසක් විනශවි ඇතැයිද සිදුව ඇති අලාභය පසුවට දැනුම්දෙන බවද පවසා විකිරණ ශිල්පිවරයා විසින් ගාල්ල පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

ගින්න හට ගන්නා අවස්ථාවේ එහි රෝගින් 200ක් පමණ නේවාසික සිටි ඇති අතර දුමාරය පැතිර යාමත් සමග රෝගිහු දැඩි අපහසුවට පත්ව ඇත. පසුව රෝගින් පහලට ගෙන එනු ලැබු අතර ගාල්ල නගර සභාවේ ගිනි නිවිම් රථ දෙකක් පැමිණ ගින්න නිවා දමන ලදි.

පෙර පුවත සඳහා

Werzuo Digital

Leave a Reply