කරාපිටිය පිළිකා වාට්ටුවේ හදිසි ගින්නක් (VIDEO)

ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටු ගොඩනැගිල්ලේ දෙවන මහලේ අද (10) රාත්‍රියේ හදිසි ගිනි ගැනිමක් සිදුවු බව ගාල්ල පොලිසිය පවසයි.

ගින්න හටගැනිමත් සමගම එම වාට්ටුවේ සිටි සියලුම රෝගින් වහාම එම ගොඩනැගිල්ලෙන් ඉවත් කිරිමට කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ

පසුව ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් රථ දෙකක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කරන ලදි.

පිළිකා ගොඩනැගිල්ලේ දෙවන මහලේ ස්කෑනින් අංශයේ වායු සමිකරණ යන්ත්‍රයක ඇතිවු විදුලි කාන්දුවකින් මෙම හදිසි ගින්න හටගෙන ඇති අනාවරණය වී තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ එම වාට්ටුවේ තිබු වායුසමීකරණ යන්ත්‍රයක්, පුටු මේස ඇතුළු උපකරණ කිහිපයක් ගින්නෙන් විනාශවි ඇති බවය.එයට අමතරව වාට්ටුවේ ජනෙල් කිහිපයකටද හානි සිදුව ඇත.

Werzuo Digital

One thought on “කරාපිටිය පිළිකා වාට්ටුවේ හදිසි ගින්නක් (VIDEO)

Leave a Reply