ගාල්ල තැපැල් කාර්යාලයට එතෙර සිට ලැබුණු පාර්සලයක කුෂ් මත්ද්‍රව්‍ය

විදේශ රටක සිට ගුවන් මගින් එවා තිබු පාර්සලයක මත්ද්‍රව්‍ය තිබිම හේතුවෙන් එම පාර්සලය ලබා ගැනිමට ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශිය පාර්සල් අංශයට පැමිණි තරුණියක් අද (10) සවස හික්කඩුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව පදිංචි 20 හැවිරිදි තරුණියකි.

මෙම පාර්සලය ඇමෙරිකාවේ සිට එවා ඇති අතර එහි මත්ද්‍රව්‍ය බවට සැකකරන ද්‍රව්‍යයක් තිබිම නිසා එය ගැනිමට පැමිණි තරුණිය රඳවාගෙන රේගුවට දැනුම්දි ඇත. පසුව රේගුව පැමිණ කරන ලද පරික්ෂණයේදි එම පාර්සලයේ තිබි කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1960ක් සොයාගෙන ඇත..

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට දැනුම් දිමෙන් පසු එහි නිලධාරින් පැමිණ නිලධාරින් පැමිණ සැකකාර තරුණිය අත් අඩංගුවට ගෙන තිබේ.

Werzuo Digital

Leave a Reply