කැනඩාවේ පිහි ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් රැසක් මරුට

කැනඩාවේ, මධ්‍යම සිස්කැචුවින් ප්‍රාන්තයේ සිදුවුණු පිහි ප්‍රහාර මාලාවකින් 10 දෙනෙක් මියගොස් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

ජේම්ස් ස්මිත් ක්‍රී සහ වෙල්ඩන් යන පළාත් ද ඇතුළු එකිනෙකට වෙනස් ස්ථාන 13 කින් පිහි ප්‍රහාර වාර්තා වන බව එම වාර්තා සඳහන් කළේය.

“එය උමතුවෙන් කළ පිහි ප්‍රහාර මාලාවක් යැයි” විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස්පතිනී රොන්ඩා බ්ලැක්මෝර් පැවැසුවාය. ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොහොයුරන් දෙදෙනකු බවත් ඔවුන් දෙදෙනා 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් යන අය බවත් එම මාධ්‍ය හමුවේදී පොලිස්පතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඔවුන් මේ වනවිට පොලිසියෙන් බේරී පලා යමින් සිටින බව ද වාර්තා වේ. සැකකරුවන් දෙදෙනා සොයා ප්‍රාන්ත මටට්මින් දැවැන්ත සෝදිසි කිරීම් ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන අතර තුවාල ලැබූවන් විවිධ රෝහල්වලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් දෙදෙනා ගන්නා තෙක් සිස්කැචුවින් ප්‍රාන්ත වැසියන්ට නිවෙස් තුළ රැදී සිටින ලෙසද එරට පොලිසිය උපදෙස් දී ඇත.

One thought on “කැනඩාවේ පිහි ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් රැසක් මරුට

Leave a Reply