වැල්ලවත්ත මායා මාවතේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා එම ගොඩනැගිල්ලේ 11 වැනි මහලේ ජනේලයක් අසල පිරිසුදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එයින් බිමට වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරුළපන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි. මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙනයනු ලබයි