ශ්‍රී ලංකා මුහුදේ වැඩ පෙන්නන්න Douglas Munro ඇමරිකාවේ සිට පැමිණෙයි

ඇමෙරිකානු වෙරළාරක්ෂයක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලද P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව පෙරේදා (03) ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට කොළඹ වරාය බලා පිටත් වු බව නාවික හමුදාව පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂපක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ඇමෙරිකානු වෙරළාරක්ෂ ක නෞකා Douglas Munro නමැති මෙම නෞකාව පසු ගිය 2021 ඔක්තෝබර් මාස 26දා නාවික හමුදාව වෙත බාර දී තිබු අතර එය නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නවීකරණ කිරීමෙන් පසු මෙලෙස කොළඹ වරයා බලා ගමන් ආරම්භ කර ඇත.

Hamilton Class High Endurance Cutter  යන නෞකා පන්තියට අයත් මෙම නෞකාව දිගින් මිටර 115ක්, උපරිම වේගය පැයට නාවික සැතපුම් 27ක වේගයෙන් ගමන් කරයි.

මෙම නෞකාවට එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්ෂකණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් ඇති අතර මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්ෂිණික උපාංග හා පහසුකම් වලින් සමන්විත බවද නාවික හමුදාව පවසයි.

මෙම නෞකාව මාස දෙකකට ආසන්න දීර්ඝ මුහුදු ගමනකින් පසු 2022 නොවැම්බර් මස පළමු සතිය තුලදී කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇත.

Werzuo Digital

Leave a Reply