පසුගිය වර්ෂවලට සාපේක්ෂව ඩෙංගු අවදානම ඉහළට

වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් ඩෙංගු උණ රෝගය පැතිරයාමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 43,393 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇතතේ, ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 11,119 කි. 

මේ අතර ගෙවී ගිය සතියේදී රටපුරා දිස්ත්‍රික්ක 23න් ඩෙංගු උණ රෝගීන් 1304ක් හමුවී ඇතැයි ඩෙංගු මර්දන ඒකකය පවසයි.

දෙහිවල, හෝමාගම, කඩුවෙල,මහරගම කොළඹ නගරය බත්තරමුල්ල, එගොඩඋයන සහ ගොතටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශ ඩෙංගු වේගයෙන් පතිරයන අධි අවධානම් කලාප බව ද එම ඒකකය පවසයි. 

Werzuo Digital

Leave a Reply