බිංගෙය තුලදි තරුණයෙකු දුම්රියක ගැටී මරුට

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගාල්ල මිනුවන්ගොඩ බිංගෙය තුලදි තරුණයෙකු බෙලිඅත්ත සිට නුවර බලා ධාවනයවු දුම්රියේ හැපි බරපතල තුවාල ලබා ඊයේ (03) සවස කරාපිටිය රෝහලට ඇතලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මාතර කැකණදුර පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

ඔහු තවත් තරුණයින් දෙදෙනෙක් සමග බිංගෙයතුල සිටියදි බෙලිඅත්ත සිට නුවර බලා ධානවයවු දුම්රිය පැමිණ ඇති අතර තරුණයින් තිදෙනෙකු සිටිනු දුටු දුම්රිය රියදුරා නළාව නාද කිරිමත් සමග කලබලයට පත් තරුණයින් තිදෙනාගෙන් දෙදෙනෙක දුවගොස් ඇති අතර මොහු දුම්රියේ වැදි ඇත.

පසුව දුම්රිය නවතා තුවාලකරු ගාල්ල දුම්රිය ස්ථානය වෙත ගෙන ඒමෙන් පසු සුව සැරිය ගිලන් රියකින් කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply