නයිජීරියාවේ දේවස්ථානයකට එල්ලවු සන්නද්ධ ප්‍රහාරයකින් 50 මරුට

නිරිතදිග නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට ඊයේ (05) සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් එල්ල කල ප්‍රහාරයකින්එම එහි සිටි කාන්තාවන් ළමුන් ඇතුළු 50කට වැඩි පිරිසක මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

ඉරිදා දිනයේ බැතිමතුන් එහි එක්රැස් වූ අවස්ථාවේදී නිරිතදිග නයිජීරියාවේ, ඔන්ඩු ප්‍රාන්තයේ, ඕවෝ නගරයේ සාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානය ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව එම වාර්තා සදහන් කළේය.

වෙඩි තැබීමට අමතරවර පිපිරීම් කිහිපයක් ද එහි සිදු වී ඇති බවත් මිය ගිය පිරිස අතර දරුවන් ද සිටින බව එම වාර්තා සදහන් කළේ ය.

“ශුද්ධ වූ දිව්‍ය පූජාව පැවැත්වෙන අතරතුර, නාඳුනන තුවක්කු කරුවන් විසින් ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීම කණගාටුවට කරුණකි” නයිජීරියාවේ කතෝලික පල්ලියේ ප්‍රකාශක පූජ්‍ය ඔගස්ටින් ඉක්වු පැවසුවේය

මෙම ප්‍රහාරයෙන් බිෂොප්වරයා සහ පූජකවරුන් නිරුපද්‍රිතව දිවි ගලවා ගත් බවද ඔහු පැවසීය.

ජනාධිපති මුහම්මදු බුහාරි මෙම ප්‍රහාරය හෙළා දකිමින් එය “පිළිකුල් සහගත ක්‍රියාවක්” ලෙස හැඳින්විය.

සැමරීමේ මොහොතක වේදනාකාරී ලෙස පහරකෑමට ලක් වූ වින්දිතයින් වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යාඥා කරන බව වතිකානුව කියා සිටියේය.

Werzuo Digital

Leave a Reply