උසස් පොලිස් නිලධාරින්ගේ සහ සියලුම පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සියයට විස්සකින් මේ මස පළමුවන දින සිට අඩු කරන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට සහ කොට්ඨාස ගණකාධිකාරිවරුන්ට දන්වා තිබේ.
විදුලිය සහ ඉන්ධන අපිරිමැස්මෙන් පාවිච්චි කිරිම සඳහා පොලිස්පතිවරයා විසින් මෙයට පෙර පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සියයට පහළොවකින් අඩු කරන ලෙස 2022.04.11වන දිනැති චක්‍රලේඛයක් මගින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට දන්වා තිබිණි. මේ මස පළමු වනදින සිට තව දුරටත් එම ප්‍රමාණය සියයට විස්ස දක්වා වැඩි කරන ලෙස පොලිස්පතිවරයා නැවත මෙසේ දන්වා තිබේ.
ඉන්ධන මිල වැඩි විමට සාපේක්ෂව ශ්‍රි ලංකා පොලිසිය වෙත ලබාදි ඇති මුල්‍ය ප්‍රතිපාදන සීමාවන් ඉහල නංවා නොමැති බැවින් පොලිසියට අනුයුක්ත සියලුම වාහන සඳහා මේ වනවිට ලබාදි ඇති ඉන්ධන ප්‍රතිපාදන සිමා කිරිමට සිදුව ඇති බවද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයෙහි සඳහන්වේ.
ඉන්ධන ප්‍රමාණය මෙලෙස කප්පාදු කිරිම බරපතල අර්බුදයක් බවත් මේ නිසා ජංගම මුර සංචාර පැවැත්විම, හදිසි රාජකාරිවලට යාම, රථ වාහන රාජකාරි කිරිම, අපරාධ ස්ථානිය පරික්ෂණ පැවැත්විමට යාම ඇතුලු රාජකාරි කටයුතුවලට බාධා පැමිණෙන බව පොලිස් නිලධාරින් පැවසීය…