ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව ලබන ආදායම රුපියල් මිලියන 15ක් වුවත් ඩීසල් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 40ක මුදලක් දෛනිකව වැය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත.
මෙලෙස විශාල පාඩුවක් සමඟ මගී ජනතාවට සහනයක් සැලසීමට කටයුතු කරන දුම්රිය දෙපාර්තමේන්තුව ලබන්නේ ඉතා විශාල අවදානමක් බව ඔහු ප්‍රකාශ කර ඇත.
මගී ජනතාවගේ පහසුව සඳහා මෙලෙස සහනදායී මිලකට දුම්රිය ගාස්තු අය කරනු ලබන අතර එය වෙනස් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර එහි මිල වෙනස් කිරීම රඳා පවතින්නේ රජයේ ප්‍රතිපත්ති සමඟ යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත
මව්බිම