තුර්කිය සිය රටේ නම වෙනස් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව තුර්කි බලධාරීන් කළ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තුර්කි ජනරජයේ නම “තුර්කියේ” ලෙසටයි වෙනස් කර ඇත
එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පැවසුවේ, “තුර්කිය” වෙනුවට “තුර්කියේ” ලෙසට භාවිතා කරන ලෙස ඉල්ලා තුර්කි විදේශ අමාත්‍ය Mevlut Cavusoglu විසින් මහලේකම් Antonio Guterres වෙත ලිපියක් ලැබී ඇති බවයි. තුර්කිය කළ විධිමත් ඉල්ලීමකට එකඟ වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මින් පසු තුර්කිය Türkiye ලෙස හඳුන්වනු ඇති.
“තුර්කියේ යනු තුර්කි ජනතාවගේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය සහ සාරධර්මවල හොඳම නියෝජනය සහ ප්‍රකාශනයයි, යනුවෙන් එරට ජනපතිවරයා දෙසැම්බර් මාසයේදී ප්‍රකාශ කළේය. බොහෝ තුර්කි ජාතිකයන් දැනටමත් තම රට Türkiye ලෙස හඳුන්වනු ලබයි
පසුගිය වසරේ අග භාගයේදී තුර්කි ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන ලද නැවත සන්නාමකරණ ව්‍යාපාරයක කොටසක් ලෙසටයි නම වෙනස් කිරීමට ජාත්‍යන්තර ආයතන කිහිපයකින් ඉල්ලා සිටියේ.