දියේ ගිලී සිසුන් 04 දෙනෙකු මරුට

ගල්පාත කක්කඩුව ඇලේ දියනෑමට ගිය දරුවන් දෙදෙනෙකු සහ වවුනියාව, ඊරට්පෙරියකුලම වැවේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු සහ අද (02) සවස දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි

කළුතර ගල්පාත, කක්කඩුව ඇලේ මියගොස් ඇති සිසුන් දෙදෙනා තවත් තරුණයින් දෙදෙනෙකු සමග දියනෑමට ගොස් සිටියදී වෙනත් පාසල් සිසුවකු ජලපහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ඔහු බේරා ගැනීමට මියගොස් ඇති දෙදෙනා උත්සාහ දැරීමේදී ජලපහරට හසුවී වි දියේගිලී මියගොස් ඇති බව උතුරු කළුතර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, ගල්පාත පදිංචිව සිටි 14 හැවිරිදි දරුවන් දෙදෙනෙකු බව පොලිසිය සදහන් පවසයි

මේ අතර පාසල් සිසුන් සිව් දෙනෙකු සවස් කාලයේ දිය නෑම සඳහා ඊරට්ටපෙරියකුලම වැව වෙත පැමිණ දිය නාමින් සිටියදී සිසුන් දෙදෙනෙකු එකවර දියේ ගිලී අතුරුදහන්ව ඇති බව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි  

එලෙස දියේ ගිලී ජීවිතක්ෂයටපත්ව ඇත්තේ වවුනියාව තේක්කවත්ත පදිංචි 14 සහ 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු බවද පොලිසිය පවසයි

මියගිය සිසුන් දෙදෙනා දියේ ගිලෙන අවස්ථාවේ ඔවුන් සමඟ සිටි අනෙක් දරුවන් දෙදෙනා පිහිනාවිත් දිවි බේරාගෙන ඇති බව ද පොලිසිය පවසයි. දියේ ගිලී අතුරුදහන්වූ දරුවන් දෙදෙනා සොයා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා ප්‍රදේශවාසීන් වැව තුල සෝදිසි මෙහෙයුම් සිදුකිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබේ.

 

Werzuo Digital

Leave a Reply