රුපියල් 100ක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරුණියක් රත්නපුර – ඇලපාත – මාහිරාගල ප්‍රදේශයෙ දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තාවේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි තරුණියකි
සිය සේවය නිමවා නැවත නිවස බලා එමින් සිටියදී මාර්ගයේ රැඳී සිටි තරුණයෙකු ඇයගෙන් රුපියල් 100ක මුදලක් ඉල්ලා ඇති අතර එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන අදාළ තරුණයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.