දැරියක් ගැබිනියක් කළ පුද්ගලයකුට වසර 45ක සිරදඬුවම්

07 වසරේ ඉගෙනුම ලැබූ දැරියක් ගැබිනියක් කළ සිද්ධිය සම්බන්ධයෙන් දෙදරු පියකුට වසර 45ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

මීට වසර 18කට පෙර එනම් 2004 වසරේදී දැරියට වූ අගතියට රුපියල් ලක්ෂ නවයක වන්දියක් හා රුපියල් 75,000ක දඩයක් ගෙවන ලෙසද එම දඩය නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවම් දෙන බවද විනිසුරුවරයා නියෝග කළේය.

දැරිය බාලවයස්කාරියක් යැයි දැන දැනම විත්තිකරු පෙම් හසුන් ලියා ඇයගේ මුදල් සහ රන්භාණ්ඩ ලබා ගනිමින් කාලයක් තිස්සේ දැරිය දූෂණයට ලක් කළ මෙවන් චූදිතයන්ට දඬුවම් කිරීමට අධිකරණය කිසිසේත්ම පසුබට නොවන බව පවසමින් අධිකරණය මෙම තීන්දුව ලබාදි තිබේ.

වර්ෂ 2004 හා 2005 කාලය අතරතුර ‍12 හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණයට ලක්කිරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.

චූදිත කොළඹ ප්‍රදේශයේ බෝඩිංකාරයකු සේ නවාතැන් ගෙන අසල්වැසි නිවෙසේ සිටි දැරියන් තිදෙනාගෙන් එක් දැරියක් රවටාගෙන මෙසේ දූෂණයට ලක්කර ඇති අතර විදේශගතව පැමිණි වහාම ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු දී ඇයගේ රන් භාණ්ඩ හා වරින්වර ලක්ෂ ගණන් මුදල්ද ලබාගෙන ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබිණි.

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහා ම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.

මව්බිම

Werzuo Digital

Leave a Reply