පිළිකා වාට්ටුවට රෝගියෙකු පැමිණි ත්‍රීරෝද රථය සොරකම් කල සැකකරුවන් අත් අඩංගුවට

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවට රෝගියෙකු ගෙන එන ලද ත්‍රි රෝද රථයක් රෝහල ඉදිරිපිට නතරකර තිබියදි සොරකම් කරන ලද එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු සොරකම් කරන ලද ත්‍රි රෝද රථය සමග අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල පදිංචි සහෝදරයින් දෙදෙනෙකි.

ඌරගහ ප්‍රදේශයේ පුද්ගලයෙකු පිළිකා රෝගියෙකුවු තම බිරිඳ කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවට ඇතුලත් කිරිම සඳහා කැඳවා ගෙනවිත් ත්‍රි රෝද රථය රෝහල ඉදිරිපිට නවතා බිරිඳ රෝහලට ඇතුලත් කොට ආපසු පැමිණ බලවිට ත්‍රි රෝද රථය සොරකම් කර ඇති බව දැනගෙන පොලිසියට පැමිණිලි කර ඇත.

පරික්ෂණ ආරම්භ කල ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී.ජී.ආනන්ද මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් සී සී.ටී.වී.කැමරා දර්ශන ලබාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගේ ප්‍රකාශ මත රුපියල් 87000කට උගස් කර තිබු ත්‍රි රෝද රථයද සොයාගෙන ඇත.

සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.

Werzuo Digital

Leave a Reply