ඉකුත් පාර්ලිමේන්තු සැසිවාරවල කාලයෙන් 45%ක් මන්ත්‍රීවරුන්ගේ දුක කියලා

Manthri.lk වෙබ් අඩවිය එම සැසිවාරවල දී පාර්ලිමේන්තුව තුල විවිධ විෂයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ගත කළ කාලය පිළිබඳ ගණනය කිරීමක් සිදු කර තිබේ

ඒ අනුව 2022 – 05 – 17 වැනි දින සිට 2022 – 05 – 20 වැනි දින දක්වා පැවති පාර්ලිමේන්තු සැසිවාර සටහනට අනුව මුළු පාර්ලිමේන්තු කාලයෙන් සියයට 45ක් ම වැය කොට ඇත්තේ, ඉකුත් 9 වැනි දා මැති ඇමති මන්දිරවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳ මන්ත්‍රීවරුන්ගේ ශෝකාලාප ඉදිරිපත් කිරීමට යි.

නියෝජ්‍ය කතා නායකවරයා තෝරා පත් කර ගැනීමට සියයට 8ක කාලයකුත් පෙස්සම් සඳහා සියයට 3ක කාලයකුත් පාර්ලිමේන්තුව තුළ වැය වී තිබෙනවා.

සියයට 10ක් වෙනත් විවිධ කටයුතු සඳහා කාලය වැය කරද්දී මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කොට රැස් වන පාර්ලිමේන්තුව තුළ, ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට වැය කොට ඇත්තේ, මුළු කාලයෙන් සියයට 35ක් පමණ යි.

මෙම ප්‍රතිශතයන් ගණනය කොට ඇත්තේ, සක්‍රීය ව පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වූ පැය 27ක් හා විනාඩි 46ක් යන කාලයට අනුව යි.

මෙහි ඇති අතිවිශේෂ ම කාරණය වන්නේ, ලංකා ඉතිහාසය තුළ පෙර නො වූ විරූ පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පෙනෙන්නට තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳ ජනතා නියෝජිතයන් කිසිදු අවධානයක් යොමු නො කිරීම යි.

Werzuo Digital

Leave a Reply