නියාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොහොර තොගයක් පැහැර ගනී

ගාල්ල – නියාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට කඩා වැඳුණු 3 දෙනෙකු එහි මුරකරු බියගන්වා පොහොර තොගයක් පැහැර ගෙන තිබෙන බව පොලිසිය පවසයි

සැකකරුවන් පොහොර ගබඩාවේ ඉබි යතුරු කඩා මෙලෙස කාබනික සහ රසායනික පොහොර මිටි 14ක් පැහැර ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම සොරකම සම්බන්ධයෙන් නියාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මුරකරු පිටිගල පොලීසියට පැමිණිලි කර ඇති අතර සැකකරුවන් සොයා පිටිගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

Werzuo Digital

Leave a Reply