අද (01) උදෑසන රත්ගම, බූස්ස වැල්ලබඩ ආසන්නයේ දුමිරිය හරස් මාර්ගයේදී වෛද්‍යවරියක් විසින් පැදවු මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව රත්ගම පොලිසිය පවසයි
බෙලිඅත්ත සිට කොළඹ බලා සාගරිකා දුම්රියට මෝටර් රථය මෙලෙස ගැටි තිබේ. අනතුරෙන් වෛද්‍යවරියට තුවාල සිදුවි නොමැති අතර ඉදිරි වම් පස අසුනේ සිටි ඇයගේ ඥාතිවරියට සුලු තුවාල සිදුව ඇතැයි පොලීසිය කියයි.
බූස්ස දුම්රිය ස්ථානයේ දුම්රිය නවත්වා යලි ගමන් ආරම්භ කිරිමත් සමග මෙම අනතුර සිදුව ඇති බැවින් එම අවස්ථාවේ දුම්රිය සෙමෙන් ගමන් කිරිම නිසා හානිය අවම වු බව ප්‍රදේශවාසීන් පැවසීය