සුප්‍රසිද්ධ ඉන්දීය ගායකයෙකු වන KK යන නාමයෙන් හඳුන්වන ක්‍රිෂ්ණකුමාර් කුන්නත් අඟහරුවාදා (31) රාත්‍රියේ කොල්කටාහිදී මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
හින්දි ඇතුළු ගීත 700 කට වැඩියෙන් ගායනා කර ඇති ඔහු මියයන විට ඔහු 53 වියෙහි පසුවිය
ඊයේ සවස් වරුවේ පැවති සංගිත ප්‍රසංගයකින් පසු ඔහු නැවති සිටි හෝටලයට පැමිණීමෙන් පසු හදිසියේ අසනීපවි තිබෙන බව එම වාර්තා සදහන් කළේය.
පසුව වහාම ඔහුව දකුණු කොල්කටා හි පෞද්ගලික රෝහලකට ගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව එහිදී වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබේ
ප්‍රසිද්ධ ගායකයෙකු ලෙස ප්‍රකට කේ.කේ හින්දි, දෙමළ, තෙළිඟු, කන්නාඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත 700 වැඩි සංඛ්‍යාවක් ගායනා කර ඇත.