ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රි ලාංකීය මුස්ලිම් ප්‍රජාව මෙවර හජ් වන්දනාවට සහභාගි නොවිමට තීරණය කරයි

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වසරේ හජ් වන්දනාව සඳහා මුස්ලිම් බැතිමතුන් නොයැවීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව මුස්ලිම් හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

හජ් වන්දනා සමයේදී ශුද්ධ වූ මක්කා නගරයට පැමිණිම විදේශීය සහ දේශීය මුස්ලිම්වරුන් මිලියනයකට අවසර ලබා දෙන බව සෞදි අරාබිය පසුගිය මාසයේ ප්‍රකාශ කල අතර ඒ සදහා මේ වසරේ ශ්‍රී ලාංකිකයන් 1,585 දෙනෙකුට හජ් වන්දනා කිරීමට අවසර හිමිවි ඇති බවද එහි සඳහන්

නමුත් ලංකාවේ පවතින තත්ත්වය සහ ජනතාව විඳින දුෂ්කරතා හේතුකොටගෙන සමස්ත ලංකා හජ් සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා හජ් සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය මෙම තීරණය ගත් බවත් එය මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන් බව ද බවද එහි සඳහන්

ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ සම්පූර්ණ හජ් මෙහෙයුම සඳහා ඩොලර් මිලියන 10 ක් පමණ වැය වනු ඇති බවත් එය රටේ වත්මන් ආර්ථික තත්ත්වය හා සසඳන විට විශාල මුදලක් බවද ශ්‍රී ලංකා මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික හජ් කමිටුවේ සභාපති අහ්කාම් උවයිස් මහතා උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ ය

මෙවර හජ් වන්දනාව අත්හැරීමට ගත් තීරණය රට වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව විසින් කරන ලද ත්‍යාගශීලී ක්‍රියාවක් බවද ඔහු ප්‍රකාශ කර ඇත.

Werzuo Digital

Leave a Reply