වයික්කාල වෙල්ලමංකරය දේවස්ථානය අසල මුහුදේ මිතුරන් තිදෙනකු සමග දිය නාමින් සිටි 16 හැවිරිදි පාසැල් සිසුවෙකු දිය රළකට හසුවි අතුරුදහන් වි ඇතැයි වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් අතුරුදහන් වි ඇත්තේ කිරිමැටියාන හාල්දඩුවන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසැල් සිසුවෙකි.මොහු පසුගිය සතියේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි අයකු බව පොලිසිය පවසයි
පසුව ප්‍රදේශවාසින් හා ධිවරයින් පිරිසක් එක්වි මුහුදේ සෝදිසි මෙහෙයුමක් දියත් කළද අතුරුදහන් වු සිසුවා ගැන කිසිදු හෝඩුවාවක් නොමැති බවද පොලිසිය පවසයි
නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ගෙන්වා අතුරුදහන් වි ඇති සිසුවාගේ සිරුර සෙවිමට පොලිසියට කටයුතු කරමින් සිටි..